
(ටී.කේ.ජී.කපිල)
තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10කට අධික කාලයක් ප්‍රමාද වීමකට ලක් වී තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .
එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකින් අද දහවල් 11.37 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ .
එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබේ .
එයට හේතු වී ඇත්තේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය .

