තාබුගලට ඇප


(රෝෂන් තුෂාර)

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන  රුපියල් මිලියන හැත්තෑවක්  වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිටි  අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය අද(27) නියෝග කළාය.

අයි ඩබ්ලිව්  එස් හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 22වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සැකකරුට රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි.