(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවියන් සරසවියට ගමන් ගන්නා අතුරු මාර්ගයක නිරුවතින් සැඟව සිට ලිංගික අවයව ප්‍රදර්ශනය කරමින් විවිධ ක්‍රියාවල යෙදුණු පරිගණක තාක්ෂණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බද්දේගම ගනේගම ප්‍රදේශයේ ස්ථිර පදිංචි (38) හැවිරිදි එක්දරු පියකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා බිරිඳ , දරුවා සහ බිරිඳගේ මව සමග මහරගම නාවින්න පාර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක හිදිමින් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක පරිගණක තාක්ෂණ ශිල්පියෙකු ලෙස සේවය කර තිබේ.
සේවයට යන සෑම දිනකම උදෑසන සිය වෑන් රථයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට යාබද කැම්පස් පාර ප්‍රදේශයට පැමිණ එහි අතුරු මාර්ගයක කැලෑබද පෙදෙසක රැඳී සිටිමින් සිය ඇඳුම් පැළඳුම් ගලවා නිරුවතින් ලිංගික අවයව ප්‍රදර්ශනය කරමින් මාර්ගයේ ගමන් ගන්නා සිසුවියන්ට පෙනෙන සේ ශරීර අවයව ප්‍රදර්ශනය කරමින් විවිධ ලිංගික ක්‍රියාවල යෙදී තිබේ.

