ත්‍රීරෝද රථයක් කොල්ලකෑ 8ක් මාට්ටු


(ගයාන් සූරිය ආරච්චි)

කොටහේන සංඝරාජ මාවත ප්‍රදේශයේ හෝටලයක් අසලදී ත්‍රීරෝද  රථයක් කොල්ලකෑ සැකකරුවන් අට දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව කොටහෙන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ටේට්ස් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 ත් 53 අතර වයස්වල පසු වන සැකකරුවන්පිරිසකි.

පැමිණිලිකරු ත්‍රී රෝද රථය කුලී පදනම මත ධාවනය කරන අතර එම ත්‍රීරෝද  රථය හිමිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

පොලිසිය සිදුකළ විමර්ශනවලින්් අනතුරුව සැකකරුවන් පැහැරගෙන තීරෝද රථය  පොලිසිය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කොටහෙන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියන ආරච්චි මහතා ඇතුළු නිලධාරීහු වැඩිද විමර්ශන සිදු කරති.