(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්‍රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
ගල්කිස්ස සහ මොරටුව පොලිස් ස්ථානවලට වාර්තා වී තිබූ අපරාධ කීපයක් සම්බන්ධයෙන් අගුලාන ප්‍රදේශයේ සිදු කළ වැටලීපකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගල්කිස්ස පොලිස් වසමේදී අවස්ථා දෙකකදී ත්‍රී රෝද රථවලට නැගී රියදුරන්ට පිහි හා බිඳී ගිය බෝතල් එල්ල කර තීරෝද රථ දෙකක් ජංගම දුරකථන දෙකක් රන් මාලයක් හා මුදල් කොල්ල කෑමේ සිද්ධි දෙකක් සහ මොරටුව පොලිස් වසමේදී රියදුරුට පහර දී මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑම ද සිදුකර තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලානේ පදිංචිකරුවෙකි.

