(යොහාන් භාසුර)
සියලුම ත්‍රීරෝද රථ භාවිතාකරන්නන්ගෙන් ත්‍රීරෝද රථය අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ලියාපදිංචි කළ යුතු බවත් ඉන්ධන ලබාගන්නා පිරවුම්හලක් මේ මස 31 දිනට පෙර නම් කළ යුතු බවත් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ලබන අගෝස්තු මස 1 වැනිදා සිට ත්‍රීරෝද රථවලට ලියාපදිංචි ඉන්ධන පිරවුම්හලෙන් පමණක් ඉන්ධන ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.