(ඩී.ජී. සුගතපාල)
පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ඇල්පිටිය පිටිගල ප්‍රෙද්ශයේ පදිංචි මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයා පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථය කුරුඳුගහහැතැක්ම ඉන්දන පිරවුම්හල ඉදිරිපිටදි ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණය මහුණලා හැපිමෙන් අනතුර සිදුව ඇත.
එහිදි සැරයන්වරයාගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරෙන් සැරයන්වරයාට සුලු තුවාල සිදුව ඇති අතර ඔහුගේ 29 හැවිරිදි බිරිඳ, 09 හැවිරිදි වැඩිමහල් දියණිය, මස්සිනා, මස්සිනාගේ බිරිඳ මස්සිනාගේ දියණිය,තුවාල ලබා ඇත.
රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ බරපතල තුවාල ලබා සිටි සැරයන්වරයාගේ බිරිඳ කරාපිටිය රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බවයි.
ත්‍රිරොදය පැදවූ පොලිස් සැරයන්වරයා බීමත්ව සිටියේ දැයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.