ත්‍රිකුණාමල ප්‍ර.ස.හිටපු සභාපතිවරයෙක් ගිනි අවියක් සමඟ අල්ලයි


(ඩී.ජී.සුගතපාල)

බලපත්‍ර නොමැති නිති විරෝධි ගිනි අවියක් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේ ශිය සභා වේ  හිටපු සභාපතිවරයෙක් සහ ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු  ගාල්ල ධිවර වරාය පරිශ්‍රය තුලදි  අත් අංගුවටගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති හිටපු සභාපතිවරයා ත්‍රිකුණාමලට නාලන්දාපුර චින වරාය පදිංචිකරුවෙකු වන අතර ඔහු පැමිණි මෝටර් රථයේ රියදුරු දොඩන්දුව මෝදර පදිංචිකරුවෙකි.

අනෙක් පුද්ගලයා දොඩන්දුව රේගුව පාර පදිංචිකරුවෙකි.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකාර හිටපු සභාපතිවරයාට ගිනි අවි බලපත්‍රයක් ඇති බව පවසා සිටියද 2024.12.31.එය කල් ඉකුත්වි ඇති බවය.ඔහු 2019 කාල සිමාවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා(එ.ජා.ප.) බවත් ඔහු මේවනවිට සමගි ජනබල වේගයේ ත්‍රිකුණාමලය සංවිධායකවරයා බවත් අනාවරණයවි ඇත.

සැකකරු පවසා ඇත්තේ ගිනි අවිය සඳහා මෙමවසරට බලපත්‍රය ඉල්ලා සිටියත් තවම ලැබි නැති බවය.

ඔහුට බහුදින ධිවර යාත්‍රා හයක් ඇති බවත් එයින් එකක් ගාල්ල ධිවර වරායෙන් ගොස් නැවත් ඊයේ (30) පැමිණ ඇති අතර එය බැලිම සඳහා පැමිණ ඇති බවත් වැඩිදුරටත් කරන ලද පරික්ෂනවලදි අනාවරණයවි තිබේ.