(නිමල කොඩිතුවක්කු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත දෙමළ ඩයස්පෝරාව් වුවමනාව මත රජය හදුන්වා දුන් පනතක් බවට හැඟි යන බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එමෙන්ම මෙම පනත මගින් ලේඛනයේ සහ භාෂනයේ නිදහසට තහංචි වැටෙන බවත් ඔහු කීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත පිලිබඳ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පළකළ අදහස් මෙසේය.
“ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතේ තියෙන බරපතලම කාරණාව තමයි දෙමළ ඩයස්පෝරාවේ සිටින ලංකාවට විරුද්ධව කටයුතු කරන අයව ආරක්ෂා කිරිස සඳහා නිර්මාණය කරන ලද පනතක් බවට පත්වීමයි. මේ පනත අදාළ වන්නේ කාටද නැද්ද කියලා එහි පැහැදිලිව සඳහන් වෙනවා.
මේ පනතේ මුවාවෙන් දේශපාලනික වශයෙන් විරුද්ධවාදීන්ගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස නැති කිරීම සඳහා 62 වැනි වගන්තියෙන් ප්‍රතිපාදන දාලා තියෙනවා. ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනතට අනුව ඕනෑම රැස්වීමක් නවත්වන්න පුළුවන්. කොහේ හරි තැනක රැස්විමක් තියන එකක් ත්‍රස්තවාදී කටයුත්තක් ලෙස සළකන්න බැහැනේ.
මේක දේශපාලනික විරුද්ධවාදීන් දඩමීමා කිරීමට සහ දෙමළ ඩයස්පෝරාව හා ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කිරිමට ගෙනාපු පනතක් මිසක් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ගෙනාපු පනතක් නෙමෙයි කියලා මට සඳහන් කරන්න පුළුවන්.
අනික් පැත්තෙන් මේක දාලා තියෙන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, වෘත්තිය සමිති ඉලක්ක කරගෙනයි. මේකට අනුව රැස්විමක්, රැළියක්, පෙළපළියක් වුණත් නවත්වන්න පුළුවන්.
මේක සද්භාවයෙන් කරපු දෙයක් නෙමෙයි. මේක අයථා ලෙස පාවිච්චි කරන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. එහෙම නැත්නම් මේ වගේ කරුණු ත්‍රස්තවාදී පනතක් අස්සට දාන්න අවශ්‍ය නැහැ.
ඒ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසත් එක්ක අනුබද්ධව තියෙන අනිත් නිදහස තමයි අදහස් ලබා ගැනිමට තියෙන නිදහස. එතකොට මේකෙන් නැති වෙන්නේ අදහස ප්‍රකාශ කරන මිනිහගේ නිදහස පමණක් නෙමෙයි රටේ බහුතර ජනතාවට ඒ තොරතුරු දැන ගැනීමට තියෙන අයිතියත් ඒකෙන් නැති වෙනවා” යැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

