ත්‍රස්තවාදය මෙන්ම මළ මිනී මතින් නැගෙන දේශපාලනයත් තුරන් කළ යුතුයි


( අංජුල මහික වීරරත්න )

ත්‍රස්තවාදය සේම  මළ මිනී මතින් ගොඩ  නගන්නට  හදන දේශපාලනයද පරාජය කළ යුතු යැයි  එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  මාධ්‍ය හමුවකදී පැවසීය.
 

ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වී හත් දවසේ  දානය දෙන්නටත් පෙර ජනාධිපතිවරණයට එන බව ගෝඨාභය රාජපක්ෂ  මහතා කළ ප්‍රකාශයෙන්ම  ඔවුන්ගේ දේශපාලනය කුමක්දැයි තේරුම් ගැනීමට හැකි බවත් කී අමාත්‍යවරයා අන්තවාදී  ත්‍රස්තවාදය  හිඟන්නාගේ තුවාලය නොකර නිදහස් රටක් සැක බිය නැති වාතාවරණයක් නිර්මාණය කරන බවද කීය.
 
 කොළඹ අරලියගහ මැඳුරේදී  පැවැති මෙම මාධ්‍ය හමුවට පක්ෂයේ සභාපති මහාමාර්ග  සහ මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හසීම් මහතාද සහභාගී විය.

(ලහිරු හර්ෂණ -ඡායාරූපය)