තවුහීත් ජමාත් ලේකම් ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සොයයි


(නිමන්ති රණසිංහ)

තවුහීත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තා සම්බන්ධයෙන් පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (10) කරුණු වාර්තා කර ඇත. 

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගීවෙමින් තහනම් සංවිධානයක් වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් නැමැත්තා පිළිබදව තමා නොදන්නා බවත්, අයිඑස් ත‍්‍රස්ත සංවිධානය පිළිබදව කැමැත්තක් නොමැති බවත් ඔහු සඳහන් කර තිබිණැයි පොලිසිය කියයි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ 03 වන වගන්තිය යටතේ සහ 1979 අංක 48 දරන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (තාවකාලික විධිවිධාන) 2, 3, වගන්ති යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව මෙහිදී ත‍්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.