තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ශ්‍රී ලංකාවට


(සුජිත් හේවාජුලිගේ )

ඇමරිකාව කොවැක්ස් පහසුකම යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් අද පරිත්‍යාග කළ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

මෙම එන්නත් ජනතාවට කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

විදේශ රැකියා සහ විදේශයන්හි අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යුද හමුදා රෝහලේ දී ෆයිසර් එන්නත ලබාදීම මේ දිනවල සිදු කෙරේ.