තවත් සිසුන් 204 ක් චීනයේ


(තිළිණි ද සිල්වා)

චීනයේ සි⁣ට යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. වූහාන් නගරයේ සිට සිසුන් 33 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.

චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ගතවූ දින 5 තුළදී, චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 660 දෙනෙකු  මෙරටට පැමිණ ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටියි. මේ දක්වා දිවයිනට පැමිණ ඇත්තේ නව කොරෝනා වෛ⁣රසය ව්‍යාප්ත වූ වූහාන් නගරය, බීජිං අගනුවර ඇතුලු අනෙකුත් සෙසු නගරවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.