තවත් පළාත් පාලන ආයතන තුනක බලය ජාජබට


(අංජුල මහික වීරරත්න, සුජිත් හේවාජුලිගේ, ලක්ෂිත ද සිල්වා සහ රංජිත් රාජපක්ෂ)

කොළොන්නාව, නුවරඑළිය සහ දෙහිඕවිට  පළාත් පාලන ආයතන වල බලය අද ජාතික ජන බලවේගයට ලැබුණු බව ජා.ජ.බ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අසිත නිරෝෂන් එගොඩ විතාන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"හරි නම් මුජිබුර් රහුමාන්ලා දේශපාලනයෙනුත් ඉවත් විය යුතුයි.

කොළඹ ජනතාව විසින් ඔවුන්ගේ දේශපාලනය පන්නා දමා තිබෙනවා.මේ අයගේ සද්දෙ වගේ වැඩ නෑ.සමගි ජන බලවේගයේ සමගිය අද කොහෙද තියෙන්නේ. මේක අසමගි පක්ෂයක්.ආණ්ඩුවට මුහුණ දෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔබලා සමගි වී එන්න.