විනීතා එම් ගමගේ
මෙරට වරායන්ට එන නැව්වලින් ඉවත් කරන දැවිතෙල් වෙනුවෙන් නැව් සමාගම් මගින් රටට මුදල් ගෙවිය යුතුව තිබිය දී දේශීය ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එම තෙල් මුදල් ගෙවා නැව්වලින් මිල ගෙන එම තෙල් නීතිවිරෝධී ලෙස පරිසරයට මුදා හැරීමෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
මෙසේ රට තුළට ගන්නා දැවිතෙල් ප්‍රමාණන ටොන් 20000 ක් ඉක්මවන බවත් අමරවීර මහතා පැවසීය.
මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් පුද්ගලයන් හා ආයතන27 කට බලපත්‍ර ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
වෙනත් රටවල දී නම් සිදුවන්නේ අදාල නැව හිමි සමාගම විසින් දැවි තෙල් වරායට භාර දෙන අවස්ථාවේ ඒ වෙනුවෙන් වරායට මුදල් ගෙවීම වුවත් මෙරට දී නැව්වලට මුදල් ගෙවා ඒවා මිල දී ගැනීමෙන් රටට හිමි විය යුතු විනිමය අහිමිවීමක් ද වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දැවි තෙල් මිල දී ගන්නා ව්‍යාපාරිකයන් 27 දෙනාගෙන් පිරිපහදු සඳහා හැකියාව පවතින්නේ සිව් දෙනකුට පමණක් බවත් ඔවුන්ට ද පිරිපපහදු කළ හැක්කේ මෙට්‍රික් ටොන් 4800 ක් පමණක් බවත් කී අමාත්‍යවරයා අනෙක් පිරිස් බවුසර්වලම දැවි තෙල් තබා දින කිහිපයකින් බවුසරයේ පතුලේ තැන්පත් වන ජලය කිසිදු පිරිපහදුවකින් තොරව පරිසරයට මුදා හැර මතුපිට ඇති තෙල් විවිධ කර්මාන්තකරුවන්ට අලෙවි කරන බව ද හෙළි දරවු වී ඇතැයි ද කීය.
දැවිතෙල් නැමැති කුණු ගොඩ මුදල් ගෙවා රට තුළට බාර ගන්නා එකම රට ශ්‍රී ලංකාව යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

