තවත් නාඳුනන මළ සිරුරුක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

වයස අවුරුදු හතළිහක් පමණ එම පුද්ගලයා යට ඇඳුමකින් සහ උඩුකය නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

මළ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.