(යොහාන් භාසුර)
ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධීන් 10 කට ආසන්න සංඛ්‍යාවක් අද (31) පස්වරුව වන විට දින දෙකකට ආසන්න කාලයක් තුළ පොලිසියට ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ආරච්චිකටිටුව වෛරන්කට්ටුව, තලාතුඔය මාරස්සන, මැදගම, සියඹලාණ්ඩුව, ගම්පොළ කීරපන සහ ගාල්ල හිනිඳුම යන ප්‍රදේශ ඇතුළු රට පුරා ප්‍රදේශ රැසකින් එම සිද්ධීන් වාර්තා වී ඇතැයි පොලිසිය කීය.
ආරච්චිකටිටුව වෛරන්කට්ටුවේ කුඩා ප්‍රමාණයේ නිවස ඊයේ (30) රාත්‍රී ගෑස් ලිප පුපුරා ගිනිගෙන ඇති බවත් ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා නොදමන්ට එම නිවස විනාශ වීමට ඉඩතිබූ බවත් පොලිසිය කියයි.
මෙම සියලුම පිපිරීම් සිද්ධීන්වලදී ගෑස් ලිප් පුපුරා යෑම් බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

