තරුෂි කරුණාරත්න රන් පදක්කම දිනාගනී


(යොහාන් භාසුර)

තායිලන්තයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට තරුෂි කරුණාරත්න අද (16) සමත් වූවාය.

ඇය එම ඉසව්ව මිනිත්තු 2:00.66 කින් නිම කරමින් නව ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට කැපී පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත්තාය.