තරුණියට පිහියෙන් පහරදී තුවාල කළ සැකකරු බලන්ගොඩින් අල්ලයි


(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

දඔුල්ල ප්‍රදේශයේදි  වයස  අවුරැදු  16 යි මාස අටක  දැරියකගේ  හිසට  , කොන්දට සහ  අතකට  පිහියකින්  පහර  දිි  බරපතළ   කැපුමි  තුවාල  සිදු  කර   ප්‍රදේශයෙන්  පලාගොස්  සිටි සැකකරු   අද (05) දා  බලංගොඩ  ප්‍රදේශයේදි  අත්අඩංගුවට  ගත්  බව  පොලිසිය  පවසයි.

ඉකුත්  30 වැනිදා  දඹුල්ල, පදිංචි තරුණියකට  මොහ විසින්  පිහියකින්  පහර  දිි බරපතළ කැපුමි තුවාල සිදු කර  තිබෙන  අතර ඇය  දඔුල්ල  රෝහලට ඇතුුළත්  කර  තිබුණි. ගනේගෙදර වත්ත ,දෙල්ගොල්ල,මහවෙල  ප්‍රදේශයේ  පදිංචි  26 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගත්  බව  පොලිසිය  පවසයි.
 
ඔහු  බලංගොඩ  පොලිස් බල ප්‍රදේශයේ  සිටින  බවට පොලිසියට  තොරතුරුක්  ලැබුණ තොරතුරක් මත  එම සැකකරු  බලංගොඩ  ප්‍රදේශයේ සංවර්ධන කෙරෙන මාර්ගයක සේවය  කරමින්  සිටියදි  එහි ඉංජිනේරුවරයා ලෙස  කටයුතු කල   අයෙකු  විසින්  පොලිසියට දැනුමින් දිමත් සමග අත්අඩංගුවට  ගෙන  ඇතැයි පොලිසිය කියයි.

ඔහු  අද (05) දා බලංගොඩ මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.