තරුණිය මරා ළිඳට දාන්න අනුබල දුන්නැයි 6ක් රිමාන්ඩ්


( අමදෝරු අමරජීව )

තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ  තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ මව, පියා, බාප්පා සහ ඇතුළු හය දෙනෙක් ලබන 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතූර්  මහේස්ත්‍රාත් තස්ලිම් මොහොමඩ්  පව්සාන් මහත්මිය නියම කළාය.

රක්ෂිත බන්ධනාගාර ගත වූ හය දෙනාගෙන්  දෙදෙනෙකු ළිඳට දැමූ  මළ සිරුර බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් කසල දමා වසා දැමීමට උත්සාහ කළ අය බව පොලීසිය අධිකරණය හමුවේ පැවසීය. 

ප්‍රධාන සැකකරු ඇතුළු තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය .

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට මෙහිදී නියම කෙරිණි .