
(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීමට ගූගල් සමාගම සහ ජාතික තරුණ සේවා සභාව අද (25) ගිවිසුමට අස්සන් තැබීය.
ගූගල් ක්ලාස්රූම් සහ ගූගල් වර්ක්ප්ලේස් යෙදවුම් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සහ මෙහෙයුම් සඳහා නොමිලේ භාවිතා කිරීමට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සහ ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සුජාතා නඩේෂන් මහත්මිය ගිවිසුමට අස්සන් තැබූහ.
මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

