තඹ කම්හලේ සිද්ධියේ සැකකරු තවදුරටත් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)
 
වැල්ලම්පිටිය තඹ කම්හලේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 10 වන සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් ලබන 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
 
එම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පැවසීය. 
 
අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සහ ප්‍රකාශ ලබාගැනීම සිදුකෙරෙමින් පවතින බවද එම කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේය.