(කවීෂා ගරුසිංහ)
වල් අලි තිදෙනකු තංගල්ල ගම්මාන කිහිපයක් පුරා සැරි සරන බව තංගල්ල පොලීසිය පවසයි.
මෙම වන අලි තිදෙනා මීට දින තුනකට ඉහතදී පැමිණ ඇති අතර වනජීවී නිලධාරීන් 30 පමණ සමන්විත කණ්ඩායමක් සහතතංගල්ල පොලීසියෙහි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ද එක් ව මොවුන් තිදෙනා ප්‍රදේශයෙන් පන්නා දැමීමට මෙහෙයුම් දියත් කර ඇත.
තංගල්ල, කදුරුපොකුණ සහ තංගල්ල ප්‍රදේශයේ ගම් කිහිපයක් පුරා සැරිසරා ඇති මෙම අලි තිදෙනා දැනට තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ඉහල කොටසේ සැරිසරන බව තංගල්ල පොලීසිය කියයි.
මේ වන විට මෙම අලි තිදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට හෝ ඔවුන්ගේ දේපලවලට කිසිදු හානියක් නොමැති අතර, මෙම අලි තිදෙනා නැරඹීමට ප්‍රදේශවාසීන් ඔවුන් සිටිනා තැන්වලට ගොස් ඇති බවත් ,එලෙස අනාරක්ෂිත ලෙස ඔවුන් නැරඹීමට නොයන ලෙසත් පොලීසිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

