

(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී සංවාදයක යෙදී සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරන මූල්‍ය ආයතනවලට ධනාත්මක කාර්යයක් ඉටු කිරීම සඳහා චීනය සහාය ලබා දෙන බවද ඔහු එම මාධ්‍ය හමුවේදී පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ වාණිජ සහ බහු පාර්ශ්වීය ණය හිමියන්ට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සම්බන්ධවන ලෙස චීනය ආරාධනා කරන බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කර ඇත.

