(අංජුල මහික වීරරත්න)
දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගිය බවද ඒ දේශපාලන පක්ෂ විශ්වාස කළ විදේශ රැකියාවල නිරත සමහරුන් රටට ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන සිටි බව අමරවීර මහතා කීය.
මේ වනවිට රුපියල ඉතාමත් ශක්තිමත් වෙමින් තිබෙන අතර ඩොලර් මිලියන 400ක් රටට ලැබීම, සංචාරක කර්මාන්තය, හා අපනයනය ආදායම ඉහළ යාම, ණය හා පොලී නොගෙවීම ඊට හේතුවී ඇති බව අමාත්‍යවරයා කීය.
රුපියල ශක්තිමත් වීම පටන් ගත් ගමන් පිටරටවල සේවයේ නියුතු සමහරු සඟවාගෙන සිටි ඩොලර් ආපසු එවන්න පටන් අරන් තියෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

