ඩොලර් වංචනිකයන් අල්ලන්න රටේ නීතියක් නෑ


 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩොලර් වංචනිකයන් අත්අඩංගුවට ගැනීමට අද රටේ නීතියක් නැතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

වංචා කරන ඩොලර් රටට ගෙන්වා ගැනීම සඳහා විදේශ විනිමය පනත වහා සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

වලේබොඩ මහතා මෙසේ පැවසූවේ  අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ  විවාදයේදීය.

රටට ඩොලර් හිඟයක් නැති බවත් අවශ්‍ය නීතිරීති ඇති කිරීමෙන් ඩොලර් ගෙන්වාගැනීම අපහසු දෙයක් නොවන බවත් ගාමිණී වලේබොඩ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.