
අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් චිත්‍රපටවලට රංගන දායකත්වය ස්ටෝර්මි ඩැනියෙල්ස්ට සහ තවත් දෙදෙනෙකුට 2016 මැතිවරණ සමයේදී කළ නීති විරෝධී මුදල් ගෙවීම් වසන් කිරීම සඳහා නිව් යෝර්ක් ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මැන්හැට්න් නීතිපති කාර්යාලය ගොනු කර තිබූ අධි චෝදනා 34ට තමන් නිවැරදිකරු යැයි මැන්හැට්න් අධිකරණයේ ඊයේ(04) පෙනී සිටි අවස්ථාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැට්න් අධිකරණයට භාර වූ අවස්ථාවේ පැයකට ආසන්න කාලයක් අත් අඩංගුවට පත් වූ අතර චෝදනා ප්‍රකාශයට පත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලදි.
ස්ටෝර්මි ඩැනියෙල්ස් සමඟ තිබූ අනියම් ලිංගික සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 130000 ක මුදලක් ගෙවා ඇති බවත් කැරන් මැක්ඩූගල් නැමැති කාන්තාව සමඟ තිබූ අනියම් සබඳතාවය වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150000 ක මුදලක් ගෙවා ඇති බවත් ට්‍රම්ප් ටවර් හි මුරකරුවකුට ඔහු දන්නා බව පවසන අනියම් සබඳතාවයකින් ට්‍රම්ප්ට දාව උපන් දරුවකු පිළිබඳ තොරතුරු වසන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 30000 ක මුදලක් ගෙවා ඇති බවත් එම සිද්ධීන් වසන් කිරීම සඳහා ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා කර ඇත.
නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වන හෝ ජනතාව නොසන්සුන්කාරී වන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු ජුවාන් මර්චෑන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇතත් ඔහු එය කඩ කළ බවද පැවැසෙයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ නැවත කැඳවීමට නියමිතය.
034

