ඩෙංගු අවදානම වැඩි වෙයි


(රංජන් කස්තුරි)

වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි.

ගෙවී ගිය සතියේදී රටපුරා දිස්ත්‍රික්ක 23න් ඩෙංගු  උණ රෝගීන්  1304ක් හමුවී ඇතැයි ද ඩෙංගු මර්දන ඒකකය පවසයි.

දෙහිවල, හෝමාගම, කඩුවෙල,මහරගම කොළඹ නගරය බත්තරමුල්ල, එගොඩඋයන සහ ගොතටුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ ඩෙංගු වේගයෙන් පතිරයන අධි අවධානම් කලාප බව ද එම ඒකකය කියයි.