
(නිමල කොඩිතුවක්කු)
ඩීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වි තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තනතුර සඳහා විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පත්කර තිබේ.
නව පරපුරට අවස්ථාව ලබාදිමේ අරමුණින් තමන් මෙම තීරණය ගත් බව මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසිමකදී ඞීව් ගුණසේකර මහතා පැවසීය.
පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වුවත් තමන් තවදුරටත් පක්සයේ දේශපාලන මණ්ඩලයේ කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
2004 වසරේ සිට ඞීව් ගුණසේකර මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධූරයේ කටයුතු කරනු ලැබීය.

