ඩී.එස් උපන් දා අලුත් කට්ටිය ගනියි කැන්දා


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයට අභිනවයෙන් සාමාජිකයන්  බඳවා ගැනීම පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 20 වැනිදා සිට ඇරඹේ.

එජාපයට  නව සාමාජිකයන් බඳවා ගැනීම ඔක්තෝබර් 1වැනිදා සිට ඇරැඹීමට කලින් තීරණය කර තිබුණ ද පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව පක්ෂ  නිර්මාතෘවරයාගේ ජන්ම දිනයේ දී එම කටයුත්ත ඇරඹීමට තීරණය කෙරිණි.

රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරට සමගාමීව ඔන්ලයින් සමුළු මාලාව අරඹනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම  දින යෙදුණු සැප්තැම්බර් 17 වැනිදාය.

එක්සත් ජාතික පක්ෂයට අභිනව සාමාජිකයන් බදවා ගැනීම ඔන්ලයින් තාක්ෂණයෙන් සිදුකරනු ලබයි.ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සාමාජිකයන් බඳවා ගැනීම සඳහා නව බැංකු ගිණුමක් ද එක්සත් ජාතික පක්ෂය ආරම්භ කර ඇත.

උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු සියළු  ප්‍රදේශ ආවරණය වන පරිදි ග්‍රාම සේවා වසම් දාහතර දහසෙන් ම සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව පක්ෂ මහාලේකම් පාලිත රංගේ  බණ්ඩාර මහතා පැවසීය.