
ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරුම නිමිත්තනේ විශේෂ උත්සවයක් ටොරින්ටන් චතුරශ්‍රයේදි අද පැවැත්විණි.
ඩී.එස්. සේනානායක ගුණ සමරු කමිටුව මඟින් සංවිධානය කර තිබු අතර එහි සභාපති හිටපු කතානායක කරු ජයසුරිය, එ.ජා.ප. නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක, සේනානායක පවුලේ පිරිස් සහ හිටපු මැති ඇමතිවරු රාශියක් සහභාගි වූහ.
රුවන් විජේවර්ධන මහතා සහ රෝසි සේනානායක මහත්මිය මල්දම් පැළඳවු අතර කරු ජයසුරිය, හේමකුමාර නානායක්කාර, වසන්ත සේනානායක, රුක්මන් සේනානායක මහත්වරු ඇතුළු පිරිසක් පුෂ්පෝහාර දැක්වීය.
(ඡායාරුප ඩික්සන් වසන්ත)





