(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් මාර්තු 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.
එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණයට එළඹිණි. මේ අවස්ථාව සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද සහභාගී වී සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සලකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළේය.