
යේමනයේ හූති කැරැලිකරුවන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී තිබේ.
සෞදි අරාබිය මූලිකත්වයෙන් ක්‍රියාත්මක ඒකාබද්ධ හමුදා යේමනයේ ක්‍රියාත්මක හූති කැරැලිකරුවන්ට එරෙහිව සටන් වදියි.
සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමටත් ඩ්‍රෝන යානය විනාශ කිරීමටත් සෞදි අරාබියානු ආරක්ෂක අංශ සමත් වූ බව එක්බරියා පුවත් සේවය වාර්තා කර තිබිණි.
එම පුවත් සේවයට බෝම්බයේ කැබැලි වැදීමෙන් විවිධ ජාතීන්වල සංචාරකයන් සහ කම්කරුවන් එලෙස තුවාල ලබා ඇත.
ඩ්‍රෝන යානයේ කැබලි අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙසට වැටී ඇත.
ප්‍රහාරය ව්‍යර්ථ කිරීමෙන් පසු සම්මත ආරක්ෂිත ක්‍රමවේද අනුව ගුවන් ගමන් ආරම්භ කළ බව ද එක්බරියා පුවත් සේවය වාර්තා කර තිබිණි.
බෝම්බයේ කැබලි වැදීමෙන් සෞදි ජාතිකයන් දෙදෙනකු, ශ්‍රී ලංකා, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය සහ පිලිපීන ජාතිකයකු බැගින් තුවාල ලබා ඇත.
අල්ජසීරා

