ඩ්‍රෝන කැමරාවලින් බලා 95 ක් අත්අඩංගුවට ගනී


 

නිරෝධායන නීති උල්ලංඝනය කළ 95දෙනෙකු අද (17) ඩ්‍රෝන කැමරා උපයෝගීකරගනිමින් කළ නිරීක්ෂණ ඔස්සේ ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොටහේන, කෙසෙල්වත්ත, වත්තල සහ ජාඇල යන පොලිස් වසම්වල අද උදෑසන කළ මෙහෙයුම්වලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොටහේනෙන් 29දෙනෙකු, කෙසෙල්වත්තෙන් 21දෙනෙකු, වත්තලින් 19දෙනෙකු සහ ජාඇළින් 26දෙනෙකු වශයෙනි.

හුදෙකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩන පිරිස සොයා,  ඩ්‍රෝන කැමරා යොදාගනිමින්   තවදුරටත් මෙම මෙහෙයුම් සිදුකරන බවද පොලිසිය කියයි.