ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි


(යොහාන් භාසුර)

ජනප්‍රිය සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත විය.

හින්දි ගීතයෙන් ශ්‍රී ලාංකිකයන් රස ගැන්වූ ටෝනි හසන් මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය.

ඒ මහතාගේ දේහය මාලිගාවත්ත, මල්ලිකාරාම පාර, නිවසේ තැන්පත් කර ඇති බවත් අවසන් කටයුතු අද (17) පස්වරු 6.00 ට මාලිගාවත්ත මුස්ලිම් පල්ලියේදී සිදුකෙරේ.