ටිහාරාගේ දුරකතනය සොයා කළු ගඟ පීරයි


(සුමිත් පොතුපිටිය)

කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇද වැටී මියගිය කළුතර නාගොඩ  පදිංචිව සිටී ටිහාරා නිර්මානි නිශ්සංක සිල්වා දැරියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද පස්වරුවේ කළු ගගේ නිරීක්ෂණය කරන අයුරු දැකගත හැකිවීය.

දැරිය ඉකුත් 6 දා රාත්‍රි මිය ගිය අතර ඇයගේ ජංගම දුරකථනය කළු ගගට විසිකර ඇති බවට දැනට අත්අඩංගුවට ගත් යුවළගේ ප්‍රකාශවලින් හෙලිවිය.

පොලිස් කිමිදුම්කරුවන් දෙදෙනකු සහ නාවික කිමිදුම් කරුවන් තිදෙනකු නාවික යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නිරීක්ෂණ සිදුකරයි.