(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ඉදිරිපිට දී අද (19) රාත්‍රී 9.00ට පමණ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු මියගොස් ඇතිබව හුංගම පොලිසිය පවසයි.
ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයන් හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



