ටිපරය අඩි 150ක් පහළට : රියදුරු-සහයක රෝහලේ


(රංජිත් රාජපක්ෂ)

මස්කෙළිය සිට හඟුරන්කෙත දක්වා ධාවනය වු ටිපර් රථයක් අඩි 150 ක් පමණ ප්‍රපාතයට පෙරැලීමෙන් ටිපර් රථයේ රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට අද (13) ඇතුළත් කළ බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොල සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හඟුරන්කෙත දක්වා ධාවනය කරන අවස්ථාවේ දී මෙම අනතුර සිදුවී තිබේ.

නෝටන්බ්‍රිජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුලං වංගුව ප්‍රදේශයෙන් ටිපර් රථය මාර්ගයෙන් පිටතට පැන ප්‍රපාතයට පෙරැළී ඇති බව  නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ටිපර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවත් නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.