ට්‍රාන්ස්ෆෝමර් තඹ වයර් කැපූ අයෙක් මාට්ටු


 (ප්‍රසාද් රුක්මල් )

ලංකා විදුලි බල මණ්ඩලයට අයත්  වෝල්ට් 33000 විදුලි ට්‍රාන්ස්ෆෝමරවල තඹ සහිත වයර් කපා සොරාගන්නා කල්ලියක පුද්ගලයෙකු වයර්  කපමින් සිටියදී අද (30) අත් අඩංගුවට ගත් බව හාලිඇල පොලිසිය පවසයි .

මොහු සන්තකයේ ගමන්මලු දෙකක දමා සඟවා තිබූ  හොරෙන්  කපන ලද වයර් රෝල් 13ක්, යකඩ කපන විශාල කටර් එකක් , යතුරුපැදියක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය .

රත්නපුර කහවත්ත පනාවැන්න අක්කර හත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය .

සැකකරු බලංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට හදුනාගත් බව පොලිසිය පවසයි . ඔහු සමඟ සිටි තවත් අයෙක් සිද්ධිය වන අවස්ථාවේදී පැන ගොස් ඇති අතර ඔහු කළක් යුද හමුදාවේ සේවය කර ඇති අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කරයි .