
(සුමිත් පොතුපිටිය )
කළුතර කලමුල්ලේ ටෂි නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි සැකකරු හදිසියේ මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තෙබුවන පැලපිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර රුක්මාල් සිල්වා නමැති රැඳවියකු බව සඳහන්වේ.
මියගොස් ඇති රැඳවියා මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ පසුගිය 25 දා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිට ඇති බව පොලිසිය පවසයි .
රැඳවියා ඊයේ (27) පස්වරුවේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන් වේ.

