(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ශ්‍රී ලංකාවේ නව ජෝර්දාන තානාපති යූසෙෆ් මුස්තාෆා අබ්දෙල්ගානි සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර පවත්නා වසර 60 කට වැඩි දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ කථානායකවරයා ප්‍රකාශ කළේ අනාගතයේදී ජෝර්දානය සමඟ සියලු ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ ජෝර්දාන තානාපතිවරයා ජෝර්දානයේ දැනට ශ්‍රී ලාංකිකයන් 15,000 ක් පමණ ප්‍රධාන වශයෙන් ඇඟලුම් හා රෙදිපිළි අංශයේ මෙන්ම අනෙකුත් ක්ෂේත්රවල සේවය කරන අතර ඉදිරි වසරවලදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.
මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියද එක්ව සිටියාය.