ජොන්ස්ටන්ට එරෙහි


(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (24) තීරණය කළේය.

2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට  පාඩු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු” සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.