ජෙෆ්රි ඇලෝසියස්ගේ රට ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි


(නිමන්ති රණසිංහ)

 

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් යන අයගේ විදෙස් ගමන් තහනම දින 11 ක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (13) නියෝග කළාය.

බැඳුම්කර සිද්ධියට අදාළ පස්වන සැකකරු වූ ජෙෆ්රි ජෝෂප් ඇලෝෂියස් යන අය අධිකරණය මඟ හැරිමක් හෝ අධිකරණයට සහාය නොදිමක් නිරීක්ෂණය නොවන බැවින් විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසට කරන ඉල්ලිම ප‍්‍රතික්ෂේප කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණක් අනාවරණය නොවන බව සදහන් කළ අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

සිංගප්පූරුවේ පැවැත්වෙන විවාහ මංගලෝත්සවයක් වෙනුවෙන් සහභාගී වීම සදහා ලබන 01 වැනිදා සිට 07 වැනිදා යන කාලය තුළදි තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත්කර දෙන ලෙසට සැකකරු අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.