(එච් එම් ධර්මපාල සහ දිලංගා ගෝමස් )
ගල්කිස්ස මංසන්ධියේ අතුරු මාර්ගයක පිහිටි තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක බිමි මහලේ විදුලි උත්පාදක කාමරයේ ජෙනරේටරයට අකුණු සැර වැදී ඇතිවූ ගින්නකින් එහි දේපළ දැවී විනාශවී ගොස් ඇතැයි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කියයි .
විදුලිය විසන්ධිවී තිබූ අවස්ථාවේ විදුලි උත්පාදක ජෙනරේටරය ක්‍රියාත්මකවී තිබූ බවත් , ඒ මොහොතේ ඇතිවූ අධික අකුණු සහිත තත්වය මත අකුණන් වැදීමෙන් මෙම ගින්න ඇතිවී තිබේ.
එම ජෙනරේටරය ඇතුලු කාමරයේ තබූ බඩු භාහිරාදියත් අසල තවත් ගබඩා කාමරයක් සහ විවේක කාමරයක්ද මුලු මනින්ම දැවී ගොස් විනාශවී ඇතැයි ගිනී නිවීමේ ඒකකය කියයි.
මෙම තෙමහල් ගොඩනැගිල්ල හිමිකරු ඇතුලු පිරිස විදේශගතවී ඇති අතර, අනෙකුත් මහල්වල කාර්යාල සංකීර්ණයක් පවත්වාගන යනුද ලබයි .
ගින්න ඇතිවන විට කාර්යාල වසා මාර්ගයේ යකඩ ගේට්ටු පවා ඇතුලතින් ඉබියතුරු දමා වසා ගොස් තිබී ඇත .
ඒ නිසා කුඩා අතුරු මාර්ගයේ මීටර 30 ක් පමණ අසීරුවෙන් පැමිණ ගේට්ටු අසීරුවෙන් විවර කර ඇතුලුවී ගින්න මැඩ පවත්වා පලවන මහල හා ඉහල මහල්වලටත් කාර්යාල සංකීර්ණයටත් පැතිර යාම වලක්වා ගනු ලැබූ බව ගිනි නිවන ඒකකය කියයි.
ගින්න ඇතුවූ අවස්ථාවේදී පළමු මහලේ සිරවී සිටි නිවසේ මෙහෙකාරිය පිටතින් ඉනිමගක් තබා බිමට ගෙන ඇත .