ජෙනරාල් දයා රත්නායක කර්මාන්ත අමාත්‍යංශයට - වරායට කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල


(නිමන්ති රණසිංහ)

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරීයේ සභාපති ලෙස කටයුතු කළ විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පත් කර ඇත.

ඔහුගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත්කර ඇතැයි වාර්තා වේ. කපිතාන් නිහාල් කැප්පෙට්ටිපොල මහතා වරාය අධිකාරියේ හාබර් මාස්ටර්වරයකු වශයෙන් සේවය කර විශ‍්‍රාම ගිය නිලධාරියෙකි.

(විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා)

 

(කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා)