
(අංජුල මහික වීරරත්න)
අවශ්‍ය සහන දෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය.
ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන රජය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අවතැන් ජනතාව වෙත සහන ලබාදීමේ සහ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහනුවර උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවැසුවා ය.
ගෙලිඔය, උඩපලාත, දොළුව ප්‍රදේශවල ආපදාවෙන් සිදුවූ හානිය සහ සහන සැපයීම් කටයුතුද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය.
උඩපළාත සහ දොළුව ප්‍රදේශයේ විදුලිය බිඳවැටීම් බොහෝ දුරට යථාතත්වයට පත්කර ඇති බවත්, ප්‍රධාන මාර්ග මේ වනවිට විවෘතව පවතින අතර අනෙකුත් ග්‍රාමීය මාර්ග පිරිසිදු කරමින් පවතින බවත් මෙහිදී නිලධාරීහු කීහ.


