(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
තමන් අත්අඩංගුවට ගැනීම අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එම පියතුමා විසින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (01) ඉල්ලා අස්කර ගත්තේය .
මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සැලකිල්ලට ගැනිනි.
පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය .

