
(යොහාන් භාසුර)
ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට අද (23) සමත් විය.
ගෝල් ග්ලැඩියේටර්ස් පිලට අනුශූරතාව හිමිවිය.
ජැෆ්නා කිංග්ස් පිල පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීම මෙහිදී කැපී පෙනුණි.
ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පිට පිටම දෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (23) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 23 කින් භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

