
(අංජුල මහික වීරරත්න සහ මීරිගම පුෂ්පකුමාර මල්ලව ආරච්චි)
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 69 වැනි ගුණානුස්මරණ උත්සවය මීරිගම ඓතිහාසික බෝතලේ වලව්ව ඉදිරිපිට සේනානායක සමාධිය අසලදී අභිමානවත් අයුරින් අද පැවැත්විණි.
"ජාතියේ පීතෘවර අභිවන්දන" යන තේමාවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබිණි.ගුණ සමරු උළෙලේ සමාරම්භයේදී බෝතලේ වලව්ව පරිශ්‍රයේ පිහිටි සේනානායක සමාධියට පුෂ්පෝපහාර පුද කිරීමයි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මෙන්ම ඩී.එස් සේනානායක මහතාගේ මී මුණුපුරු රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ නායකයෝ සහභාගී වූහ.
පාසල් දරු දැරියන් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය පැන් වඩා පුණ්‍යානුමෝදනාව සිදු කළහ.
බෝතලේ ගෝඨාභය රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය කඩිගමුවෙි පේමානන්ද නාහිමි , පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික මීරිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කටුගස්තොට සාරද නාහිමි ,මීරිගම ශාසන වර්ධන පිරිවෙන් විහාරාධිපති සීතාඑළියේ චන්දානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවට සහභාගී වූහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙහිදී සේනානායක සමාධිය අසල සිට ප්‍රතිඥාවක් ද ලබාදුන් අතර එක්සත් ජාතික පක්ෂය නිසි තැනට ගෙන ජයග්‍රහණය කරා ගෙන යන බව එම ප්‍රතිඥාවෙන් කියැවිණි.
එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සන්දිත් සමරසිංහ, මහාචාර්ය ආශු මාරසිංහ,සමන් රත්නප්‍රිය ,සිරිකොත විධායක නිලධාරී ශමල් සෙනරත්,මීරිගම එජාප ආසන සංවිධායක ඒ.ආර් තිලක් අශෝක,මීරිගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක සිසිර චාමින්ද මහත්වරුන් ප්‍රමුඛ එජාප ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඩික්සන් වසන්ත





(පුෂ්පකුමාර මල්ලවාරච්චි)





