(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)
ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අමතා දිනයක් සහ අංකයක් වෙන්කරගැනීම අනිවාර්ය යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 0115226126 හෝ 0115226100 දුරකථනවලින් දිනය සහ අංකය වෙන්කරගත හැකිය.
සාමාන්‍ය සේවාවෙන් ජාතික හැඳුනුම්පත් අපේක්‍ෂා කරන ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට ඉල්ලුම්පත බාරදිය යුතු අතර හැඳුනුම්පත ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත යොමු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පවසන්නේ හැඳුනුම්පත ලබාගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් ඊට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශයට යොමුවීම හෝ ඉහත දුරකථනවලින් දිනයක් වෙන්කරගැනීම අනිවාර්ය බවයි.

